Monday, July 15, 2019

කොරියානු සිනමාවේ නරක හාදයා  කිම් කි ඩුක් 

Related image


දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන කිම් කි ඩුක් විරල ගණයේ සිනමාකරුවෙකී. කලාව  හෝ සිනමාව පිළිබදව කිසිදු අධ්‍යාපනයක් නොලත් ඔහු පාසල් ගමන නතර වීමෙන් පසු හමුදාවේ සහ කර්මාන්ත ශාලාවල වැඩ කරමින් කාලය ගත කළ අතර පසු කළෙක ඡාත්‍යන්තර සිනමා උළෙලක දී වැඩිම කතා බහට ලක් වූ සිනමාකරුවා බවට පත් විය. තම පළමු චිත්‍රපටය ලෙස සෝල් නුවර හන් නදියට පැන සිය දිවි නසා ගන්නා අයගේ මළ සිරුරු එකතු කරන අත්භූත මිනිසෙකු වටා ගෙතුණ  crocodile  නම් වෘත්තාන්ත චිත්‍රපටය 1996 වසරේදී නිර්මාණය කරන ලදී.


                   
කොරියානු වත්මන් සමාඡය පිළිබද ඔහුගේ නව්‍ය සහ රුඩිකල් යථා දෘශ්ටිය විසින් බොහෝමයක් ප්‍රෙක්ෂකයින් ඔහුගෙන් දුරස් කොට තැබූ නමුත් ඒ වෙනුවට නිර්මාණවලට පෙම් බැදි උද්යෝගිමත් කූඩා කණ්ඩායමක් ඔහු වටා ගොඩ නැගුණී. පසු කළෙක ඔහු නිර්මාණය කළ චිතපටිවල විශේෂයෙන් ආන්තීකරණය වූ ජනයා සහ අවකාශ මෙන් ම ප්‍රධාන දහරාවට ප්‍රතිපක්ෂ සෞන්දර්‍යය පිළිබද ඔහුගේ අවධානය යොමු වී තිබුණී. ඔහුගේ සෑම නිර්මාණයක්ම දකුණු කොරියාව තුළ ආදායම් ඉපැයීම අතින් අසාර්ථක වූව ද එම සිනමා නිර්මාණ චිත්‍රපට උළෙලවල දී නොකඩවා තිරගත වූයේ පෙර කී ලෙස ඔුගේ නිර්මාණ හඹා යන කුඩා කන්ඩායමක් යුරෝපය තුළ නිර්මාණය කරමිණි. 

                  1998 නිර්මාණය කළ  Birdcage Inn    ඔහු ගේ සිනමා නිර්මාණයක් ඡාත්‍යන්තර අවධානයට ලක් වූ පළමු අවස්ථාව වූ අතර ඉන් පසු 2000 වසරේ දී නිර්මාණය කළ
The Isle නම් චිත්‍රපටය ද සිනමාලෝලීන් අතර කිසියම් ආන්දෝලනයකට තුඩු දුන්  සිනමාපටයක් බවට පත් විය. පිරිමියා සහ ගැහැණිය අතර තිබෙන සාර්වත්‍රික යුද්ධය පිළිබද කර තිබූ දරුණු විමසුම සන්ඩාස් සහ වැනීසියානු චිත්‍රපට උළෙලවල ප්‍රේක්ෂකයන් දැඩි කම්පනයකට පත් කළේය. එහෙත් එකී මොහොතේ ම  අධිතාත්වික රූප සහ අව්‍යාඡ කාව්‍යමය සුන්දරත්වය නිසා එම සිනමාපටය බොහෝ සේ ඇගයීමට ලක් විය. ඉන් අනතුරුව අධ්‍යක්ෂණයේ සකල ශිල්පය ම කැටිවුණු මිනිසෙකුගේ සැබෑ හෝ මන :කල්පිත මිනී මැරම් සවාරියක් ගැන කියා පාන විනාඩි 200 ක් තුළ එකවර චලන චිත්‍ර කැමරා 10 ක් සහ ඩිජිටල් වීඩියෝ කැමරා 2 ක් යෝදා ගනිමින් රූගත කළ Real Fiction  චිත්‍රපටිය එළි දැක්විණි Address Unknown  2001 කිම් කි ඩුක්ගේ මේ තාක් වඩාත් කතාබහට ලක් වු දේශපාලනික චිත්‍රපටය වන අතර එය ‍කොරියානු යුද්ධය විසින් සමාඡය මත ඉතිරි කරන ලද කැළැල් සහ එමගින් ඇමරිකානු හමුදා කදවුර තුළ ඇති කළ තත් කාලීන නින්නාදය ගැන කියාපාන සිනමා නිර්මාණයකී.

[Real+Fiction+(1).jpg]



ඉන් අනතුරුව තිරගත වුණු Bad Guy සිනමාපටය අන්තර්ඡාතිකව ඡනප්‍රීය වුණු දකුණු කොරියානු සිනමාකරුගේ නිර්මාණයක් තම මව්බිමේ දි සාර්ථක තිරගත වුණු ප්‍රථම වතාව වේ . එම සිනමපටය මහත් ඡනප්‍රියතාවයට  ඵත් වූවා සේම කොරියානු සමාඡය තුළ කිසියම් ආන්දෝලනයක් ඇති කිරීමට ද සමත් වූ අතර එහි ප්‍රතිථලයක් ලෙස කොරියානු සිනමාවේ “නරක හාදහා” නම් අන්වර්ථ නාමයක් ද ඔහුය පටබැදුණි. Bad Guy ගොලු මැරයෙකු අහිංසක පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇයට ගණිකා වෘත්තියේ යෙදීමට බල කරන කතා වස්තුවක් පාදක කරගත්  එහි නාරි ද්වේෂි ස්භායවත් රූප රාමු වල ඇති ප්‍රබලතාව මගින් ඇති කරවන හිස කකියන කඨෝරභාවයත් නිසා සමහර සිනමාලෝලීන්ගේ අප්‍රසාදයටත් එම සිනමාපටය හේතු විය.


හදිසි වෙඩි තැබිමකින් පසුව ආධුනික සෙබගෙකු තුළ ඇතිවන සන්තාපය කුලු ගැන්වෙන 
The Coast Guard  2002 සිනමාපටය ඔහුගේ නාවික සිනමා  දිවියෙන් උකහා ගැනීමක් ලෙස සැලකිය හැකිය.Spring, Summer” Fall” Winter, And Spring  නම් 2003 වසරේ එළි දැක්වූණ සිනමාපටය සිනමා විචාරකයන් ට අනුව කිම් කි ඩුක් ගේ කලාත්මක එලි දැක්විම්වල පුදුම එලවන සුලු හැරවුම් ලක්ෂයකී. චමත්කාරඡනක වටපිටාවක දිග හැරෙන එම සිනමාපටය බෙෘද්ධ භික්ෂූන් දෙදෙනෙකුගේ ජීවිත සැනසුමක් සොයා ඔවුන් වෙත එන මංමුලා වූ ආත්මයන් පිළිබද විදහා දැකවෙන නිර්මාණයකී. ඔහුගේ පෙර සිනමාත්මක ලක්ෂණයන්ට වඩා මහත් පරිණත බවක් ඉසිලූ මෙම සිනමාපටය මිනිස් ස්වභාවයේ මග හැරිය නොහැකි මිලේජ්චත්වය ගැන සෝදිසි බැල්මක් හෙළවේ. එය  සැබෑ කුසලතා පිරි සිනමාකරුවෙකුගේ වෘත්තීය ඡිවිතයේ නව අවධියක් සැළසුම් කිරීමකී. ඔහු මේ වන විට සිනමා නිර්ණමාණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර එම නිර්මාණ බොහෝමයක් “වැනීස් ,කාන් ”වැනි සිනමා සම්මාන උළෙලවල ඇගයීමය ලක්ව ඇත.


කිම් කි ඩුක් ගේ තවත් සිනමා නිර්මාණයක් වන්නේ 3 Iorn  සිනමාපටය වේ. මෙම කොරියානු සිනමාපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය කිම් කි ඩුක් විසිනි.  මෙහි  සරල අර්ථය “හිස් නිවස” යන්නයි. දෙබස් භාවිතයේ ලොභකමින් යුක්තව තැණුනු 3 අයන් ප්‍රේමයේ සැගවුණු මුහුණක් ගැන කියනු ලබයි. අසාර්ථක කුටුම්භයක අවාසනාවන්ත අඹුසැමි යුවළකගේ ඡීවිතයේ හරස්කඩක් පෙන්වන සිනමාපටය එකී චරිත ද්විත්වය හරහා නොයෙකුත් දිශා කෙරෙහි ප්‍රේක්ෂකයාව යොමු කරවයි. දෙබස් කෙරෙහි වැඩි විශ්වාසයක් තබාගෙනිසිටින සිනමා ප්‍රේක්ෂකයා ඊට එහා තැනක රදවා තබන්නට අධ්‍යක්ෂකවරයා සමක් වී ඇති සැටියකී. “සෙහ්න්ග් ලී ”රගන්නේ “සුන් හ්වා” හෙවත් ගෙහිමි කාන්තාවගේ චරිතයයි. විශේෂයෙන් ම කොරියානු සමාජයේ  ප්‍රේමය යන සාධකය මත මිනිසුන් ගැහැණන් සූදුව  දෙස පැහැදිළි ඇසකින් බැලීමට ඉඩ සලසා තිබෙයි.
Related image


කිම් කි ඩුක් ගේ සිනමාපටයන් බොහෝමයක් අන්තර්ඡාතික සිනමා උළෙලවල් බොහෝමයක් නියෝජනය කළ අතර පහත දැක්වෙන්නේ ඒ  පිළිබද සටහනකී.



AFI Fest

Nominee
Grand Jury Prize
Paran daemun (1998) 







Argentinean Film Critics Association Awards




Winner
Silver Condor
Best Foreign Film, Not in the Spanish Language (Mejor Película Extranjera en Idioma no Español)
Bom yeoreum gaeul gyeoul geurigo bom (2003) 
Korea/Germany.



Baek Sang Art Awards
Nominee
Asian Film Award
Best Director
Pieta (2012) 
Berlin International Film Festival
Winner
Silver Berlin Bear
Best Director
Samaria (2004) 
Nominee
Golden Berlin Bear
Samaria (2004) 
Nominee
Golden Berlin Bear
Nabbeun namja (2001) 





Cannes Film Festival

Winner
Un Certain Regard Award
Arirang (2011) 
Tied with Stopped on Track (2011).
Nominee
Palme d'Or
Soom (2007) 
Nominee
Un Certain Regard Award
Hwal (2005) 


Director's Cut Awards
Winner
Director's Cut Award
Best Production of the Year
Yeong-hwa-neun yeong-hwa-da (2008) 
Winner
Director's Cut Award
Film Artist of the Year


වශයෙන් දැක්විය හැකිය.

Saturday, June 22, 2019

දැන්වීම්කරණය යනු..?




දැන්වීම්කරණය

Related image


                         දැන්වීම් කලාව ආර්ථික ක්‍රමය තුළ ඉතා කේන්ද්‍රීය සහ අසහාය ස්ථානයක් ගෙන ක්‍රියා කරන්නක් බව පෙනී යන්නකී. නූතන සමාජයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබද හැකියාවන් ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. එහෙයින් භාණ්ඩ තව දුරටත් අපගේ මූලික අවධානය දිනා ගන්නේ නැත. සාමාන්‍ය සාර්ථකත්වයේ සහ සේවාවන්ගේ ඉහළ මට්ටම පවත්වාගෙන යාම සදහා වන මූලික උපක්‍රමය වනුයේ ‍ බෙදා හැරීමයි. භාණ්ඩ හා සේවා බෙදා හැරීම ඉතා විශාල ලෙසම රදා පවතින්නේ මාධ්‍ය මගින් පලකරනු ලබන වෙළද දැන්වීම් වල බලපෑම මතය.
                                   දැන්වීම්කරණයේ දී සිදු වන්නේ ලෝකය පුරා ජනතාව වෙතට තම බඩු භාණ්ඩ  හා සේවාවන් කරා රුගෙන යාමකී. දැන්වීම්කරණය ජාත්‍යන්තරකරණය වීම නිසා ආවේණික සංස්කෘතීන් පිළිබද සංකල්පය ද අභියෝගයට ලක් වෙමින් තිබෙන ආකාරය ද දැකගත හැකිය. ඒ අනුව නූතන දැන්වීම්කරණය ලෝකය එක සංස්කෘතියක් සහිත ජාතියක් හා පොදු සමාජයක් බවට පත් කරන ආකාරයක් හදුනාගත හැකිය. 


                        දැන්වීම්කරණය හෙවත් වෙලද ප්‍රචාරණය පිළිබද ඇමරිකානු දැන්වීම් සංගමයේ හිටපු සභාපති ෆෙඩ්රික්  ආර් . ගැම්බෙල් මහතා දක්වන්නේ නිෂ්පාදන බෙදා හැරීමේ යාන්ත්‍රණයේ ප්‍රධාන දෙය නම් දැන්වීමයි.එය අඩු විදමකින් බොහෝ මිනිසුන් වෙත ළගා වෙයි. වශයෙනී.එමෙන්ම පිලිප් කොට්ලර් දක්වන්නේ දැන්වීම්කරණය යනු හදුනාගත් අනුග්‍රාහකයෙකු විසින් පෞද්ගලික දැනුම්දීම හා පුද්ගලික නොවන ඉදිරිපත් කිරීම් හා ප්‍රවර්ධන කිරීම් සදහා අදහස් භාණ්ඩ හෝ සේවාවන් ප්‍රවර්ධනය කරන ඕනෑම ‍ගෙවීම් ක්‍රමයක් බවයි. එක්සත් රාජධානියේ වෙළද ප්‍රචාරණ සංගමයට අනුව වෙළද දැන්වීම් යනු කවර හෝ පුද්ගලයෙකුට දැනුම් දිම හා එසේත් නොමැති නම් බලපෑම්කිරීමට විශේෂයෙන් අදහස් කරන ඕනෑම සන්නිවේදන ක්‍රමයන් බවයි. 


                  සමාජය තුළ දැන්වීම්කරණය ගොඩ නැගෙන්නේ ආයතන අතර පවතින තරගකාරීත්වය හේතු කොටගෙනය. එසේත් නොමැති නම් එකම වර්ගයේ භාණ්ඩ විවිධ නම් වලින් විවිධ වෙළද සමාගම් විවිධ වෙළද නාම යටතේ ඉදිරිපත් කරන විට ඒ ඒ භාණ්ඩය සදහා ඉලක්ක පාරිභෝගිකයාට එය ග්‍රහණය කර ගැනීම සදහා ය.

දැන්වීම්කරණයේ දී දැන්වීමක් නිර්මාණය කිරීමේ ක්‍රියා පිිළිවෙතක් දක්නට ලැබේ. එහිදී සිදු වන්නේ

01.  පළමුව දැන්වීම නිර්මාණය කිරීම සදහා භාණ්ඩයක් හෝ සේවාවක් තිබිය යුතු වේ.
02. එම භාණ්ඩය හෝ සේවාව වෙනුවෙන් දැන්වීම නිර්මාණය කිරීම සදහා දැන්වීම්                        ආයතනයක් තෝරා ගත  යුතු වේ.
03.  දැන්වීම නිර්මාණය කිරීම සදහා යන මුදල කොතෙක් ද යන්න ගණනය කළ යුතු වේ.
04.  දැන්වීම පාරිභෝගිකයාට ලබා දීම සදහා යම් මාධ්‍යක් තෝරා ගත යුතු වේ.
05.  දැන්වීම තෝරා ගත් මාධ්‍යන් මගින් පාරිභෝගිකයා වෙත ලබා  දීම සදහා සැලසුමක්                  නිර්මානය කල යුතු  වේ.
06.   එම සැලසුම මගින් තෝරා ගත් මාධ්‍ය හරහා නිර්මාණය කළ දැන්වීම කෙතරම් කාලයක්           පාරිභෝගිකයා   වෙත ලබා දෙනවාද යන්න තීරණය කළ යුතු වේ.
Related image
Add caption


                    දැන්වීමක කාර්ය තීරණය කර ගැනීම සදහා මිනිසුන් වසර ගණනක සිට වෙහෙසෙතී. මාර්ටින් මේසර් පවසන පරිදි වෙළදපළ තුළ දැන්වීමක කාර්ය විශ්චිතව විත්‍රහ කළ හැක්කේ ඉතා නිර්භිත පුද්ගලයෙකුට හෝ කිසිවක් නොතකා හරිනිනෙකුට පමණක් බවයි. දැන්වීමක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් පවතී. ඒ අතර

                                                                           Image result for දැන්වීම්කරණය


01.  නිෂ්පාදනය දැන් මිළදී ගැනීම සදහා විශේෂ  හේතු දැක්වීම.
02.  ඇසුරුම් හෝ වෙළද ලකුණු හදුනා ගැනිමට පහසු ඉතා සමීප දෙයක්  බවට පත් කර                  ගැනීම.
03.  මිළදී ගන්නන් ප්‍රදර්ශනාගාර නැරඹීම සදහා දිරිමත් කිරීම.
04.  ආයතනයට අලෙවි සම්ප්‍රදායක් ඇති කිරීම.
05.  වැරදි අවබෝධ නිවැරදි කිරීම, වැරදි තොරතුරැ නිවැරදි කිරීම සහ අලෙවියට සම්බන්ධ              වෙනත් කටයුතු

මීට අමතරව දැන්වීම්කරණයේ මුලික ලක්ෂන කිහිපයක් හදුනාගත හැකිය.


01.  දැන්වීමක් යනු මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන සන්නිවේදනයකී.
02.  දැන්වීමක අනුග්‍රාහකයා නිශ්චිතවම හදුනාගත හැකිය.
03. දැන්වීමක් සෑම විටම ස්වකීය ඉලක්ක පාරිභෝගිකයා භාණ්ඩ හෝ සේවා වෙත                          පෙළඹවීමට හෝ යොමු  කිරීමට උත්සාහ කරයි.
04.  සෑම විටම දැන්වීමක් ජනමාධ්‍ය ඔස්සේ ජනගත කිරීමට ක්‍රියාත්මක වේ.


මීට අමතරව දැන්වීම්කරණයේ ප්‍රධාන සංකල්ප කිහිපයක් හදුනාගත හැකිය.ඒ අතර


01.  උපක්‍රමික සංකල්පය
02.  තර්කානුුකූලභාවය
03.  අඛණ්ඩතාවය
04.  විසිරී පැවතීම
                                       යනාදී වශයෙන් දැන්වීම්කරණය පිළිබදව හදුනාගත හැකිය. 


Friday, June 14, 2019

අලෙවිකණය යනු ?...



අලෙවිකරණය   යනුRelated image




භාණ්ඩ විකිණිම යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මුදලට ලබා දීමෙන් වෙළෙන්දාට පමණක් ලාභ අත්පත් වන වෙළදාමකී. එහිදී භාණ්ඩය මිළදී ගන්නා පාරිභෝගිකයා පිළිබද තැකීමක් කරන්නේ නැත.බොහෝ විට පදික වේදිකාවේ වෙළදාම මේ සදහා උදාහරණයකී. විකිණිමේ දී අවධානය යොමු කරන්නේ වෙළෙන්දාට උපරිම ලාභයක් අත්පත් කර ගැනීමට සහ ඒ සදහා උපයෝගී කර ගන්නා උපක්‍රම සහ ක්‍රමෝපායන් වේ. 


 අලෙවිකරණය යනු වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන දෙදෙනාට ම ලාභ අත්පත් වන  ව්‍යාපෘතියකී. අලෙවිකරුවාට භාණ්ඩය හෝ සේවාව විකිණීමෙන් ලාභ අත්පත් වන්නා සේම  පාරිභෝගිකයාට ද එම භාණ්ඩය මිළදී ගැනීම නිසා විශාල ප්‍රතිලාභ හිමි වේ. එහිදී පාරිභෝගිකයාට හිමි වන ප්‍රතිලාභ අතර


01    කල් පැවැත්ම
02   අවශ්‍ය නම් මාරු කර ගැනීමේ හැකියාව
03   නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කර දීම
04   වෙළද ආයතනය තුළ නිදහසේ ගමන් කරමින් භාණ්ඩ තෝරා ගැනීමේ හැකියාව
05    එක් එක් භාණ්ඩය ලබා ගන්නා විට තිලිණ ලබා දී හැකියාව
                                                                                   යනාදිය පෙන්වා දිය හැකිය.


අලෙවිකරණය පිළිබද විවිධ නිර්වචන රාශියක් හදුන්ගත හැකි අතර Business Dictionary දක්වන්නේ අලෙවිකරණය යනු භාණ්ඩ හා සේවා සංකල්පයේ සිට අවසාන නිමැවුම පාරිභෝගිකයා වෙත ලබා දීම තෙක් වන කළමණාකරණ ක්‍රියාවලිය වශයෙනී. එනම් එය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය කුමක් දැයි හදුනා ගනිමින් එකී අවශ්‍යතා පාරිභෝගික සංතෘප්තිය ඇති වන ලෙස සහ පාරිභෝගිකයාටත් අලෙවිකරුවාටත් යන දෙදෙනාට ම ප්‍රතිලාබ අත්පත් වන සංකල්පීය මෙහෙයුමකී. එමෙන්ම  Pilip  Kottler දක්වන්නේ අලෙවිකරණය යනු තනි පුද්ගලයාගේ සිට කණ්ඩායම් දක්වා වන සමාජීය අවශ්‍යතා හදුනාගතිමින් නිර්මාණශීලීව නිර්මාණය කරමින් සහ හුවමාරු කරගනිමින් ද සෙසු අය සමග වටිනාකම් ගොඩ නගන ක්‍රියාලියකී. කොට්ලර් සහ ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කළ නිර්වචය තුළින් දක්වන්නේ අලෙවිකරණය යනු පුද්ගලයින්හෝ සංවිධාන වටිනාකම් නිර්මාණය කිරීම සහ හුවමාරු කර ගැනීම තුළින් තමාට අවශ්‍ය දේ ලබා ගැනීමේ සමාජ ක්‍රියාවලියක් බවයි. අලෙවිකරණයට අයත් වන කටයුතු පහත දැක්වේ.


01   මිනිස්     අවශ්‍යතා සහ වුවමනා වඩාත් හොදින් තෘප්තිමත් කළ හැකි වන භාණ්ඩයක්  හෝ සේවාවක්      නිර්මාණය   කිරීම.
02  නිර්මාණය කළ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයන් වෙත ආකර්ශනීය අයුරින් හදුන්වා දීම.
03  සාධාරණ මිලක් ලකුණු කිරීම.
04  වඩාත් සරල හා යෝග්‍ය පරිදි භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා අතට පත් කිරීම.
05  භාණ්ඩය හෝ සේවාව පිළිබදව පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම හා අලෙවියෙන් පසු අවශ්‍ය සේවා  සැපයීම.
                                          යනාදී වශයෙනී.

අලෙවිකරණයේ දී වෙළදපළ ඉතා වැදගත් සාධකයකී. ගැනුම්කරු හා විකිණුම්කරු හමුවන හෝ සම්බන්ධ වන ඕනෑම ආකාරයක් නෙළෙදපොළක් ලෙස හදුන්වයි. වෙළදපළ භෞතික ස්ථානයක් වශයෙන් මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන වෙළද අවකාශයක් ලෙස ද පැවතිය හැකිය. විවිධ වුවමනා සහිත ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙළදපලෙහි සිටින බැවින් එක් අලෙවිකරුවෙකුට සමස්ත වෙළදපළෙහි සිටින සියලුම ගනුදෙුකරුවන් මෙන්ම පවත්නා සියලුම වුවමනාවන්  ද තෘප්තිමත් කළ නොහැකිය. එම නිසා ව්‍යාපාරයක් සමස්ත වෙළදපොළෙහි සිටින  පාරිභෝගිකයන් අතරින් තමාට හොදින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස තොරා ගත යුතුය. 

Related image



අලෙවිකරණ මිශ්‍රය යනු ඉලක්ක වෙළදපොල තුළ ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීම සදහා උපයෝගී කරගන්නා විචග්‍යන් සමූහයකී. එම විචල්‍යන් අයිතිකරුවන්ට පාලනය කළ හැකි වේ. අලෙවිකරණ මිශ්‍රය විචල්‍යන් 04කින් සමන්විත වන අතර එය 4P 'S   ලෙස ප්‍රකට ය.
01   නිෂ්පාදිතය
02   මිල
03    ස්ථානය
04    ප්‍රවර්ධනය
                             වශයෙනී.   

මෙම සිව් විචල්‍යන් අතරින් ප්‍රවර්ධනයට  වන්නේ සුවිශේෂි වැදගත්කමකී. මෙය අලෙවි සන්නිවේදනය යනුවෙන් ද හැදින්වේ. මේ යටතට දැන්වීම්කරණය  ඇසුරුම්කරණය සන්නාමකරණය ප්‍රවර්ධනය  මහජන සම්බන්ධතාව ප්‍රවර්ධනාත්මක විකිණුම අන්තර්ජාල අලෙවිකරණය ආදී ක්‍රමවේද ඔස්සේ භාණ්ඩ හෝ සේවා සහ පාරිභෝගිකයා අතර පාලමක් ගොඩනගනු ලබයි. අලෙවි සන්නිවේනකරුවන් විසින් මෙකී කාර්ය කළමණාකරනය කරනු ලබයි. සෑම විටම ලෝකයේ අලෙවිකරුවන් ලාභදායීව අලෙවි වේ.


Wednesday, June 5, 2019

ආයෙමත් හිනැහෙන්න...



ආයෙමත් හිනැහෙන්න...




අසිනි වර්ෂා එපා
මල් මිටියාවතට වස්සන්න
කදුලු ගංගා එපා 
Related imageදෙනෙත් ඉවුරු බිදලන්න
මගේ සිනහව ආයෙමත් මට දෙන්න
ආයෙමත් හිනැහෙන්න...


අන්ධකාරය නුහුරු දෙනෙතට
පහන් එළියක් සේ ඇවිත්
තාම නොදැකපු මගේ හීනේ
දකින්නට මට ඉඩ දියන්...

සදට තනියට තාරුකාවක් 
ළගින් හිද හිනැහෙන තරම්
මලක අරලිය සෙවණ විදිනට
කුහුඹුවෙකුහට නැත වරම්...

කොරියානු සිනමාවේ නරක හාදයා   කිම් කි ඩුක්  දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන කිම් කි ඩුක් විරල ගණයේ සිනමාකරුවෙකී. කලාව  හෝ ස...