Friday, June 14, 2019

අලෙවිකණය යනු ?...



අලෙවිකරණය   යනුRelated image




භාණ්ඩ විකිණිම යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මුදලට ලබා දීමෙන් වෙළෙන්දාට පමණක් ලාභ අත්පත් වන වෙළදාමකී. එහිදී භාණ්ඩය මිළදී ගන්නා පාරිභෝගිකයා පිළිබද තැකීමක් කරන්නේ නැත.බොහෝ විට පදික වේදිකාවේ වෙළදාම මේ සදහා උදාහරණයකී. විකිණිමේ දී අවධානය යොමු කරන්නේ වෙළෙන්දාට උපරිම ලාභයක් අත්පත් කර ගැනීමට සහ ඒ සදහා උපයෝගී කර ගන්නා උපක්‍රම සහ ක්‍රමෝපායන් වේ. 


 අලෙවිකරණය යනු වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන දෙදෙනාට ම ලාභ අත්පත් වන  ව්‍යාපෘතියකී. අලෙවිකරුවාට භාණ්ඩය හෝ සේවාව විකිණීමෙන් ලාභ අත්පත් වන්නා සේම  පාරිභෝගිකයාට ද එම භාණ්ඩය මිළදී ගැනීම නිසා විශාල ප්‍රතිලාභ හිමි වේ. එහිදී පාරිභෝගිකයාට හිමි වන ප්‍රතිලාභ අතර


01    කල් පැවැත්ම
02   අවශ්‍ය නම් මාරු කර ගැනීමේ හැකියාව
03   නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කර දීම
04   වෙළද ආයතනය තුළ නිදහසේ ගමන් කරමින් භාණ්ඩ තෝරා ගැනීමේ හැකියාව
05    එක් එක් භාණ්ඩය ලබා ගන්නා විට තිලිණ ලබා දී හැකියාව
                                                                                   යනාදිය පෙන්වා දිය හැකිය.


අලෙවිකරණය පිළිබද විවිධ නිර්වචන රාශියක් හදුන්ගත හැකි අතර Business Dictionary දක්වන්නේ අලෙවිකරණය යනු භාණ්ඩ හා සේවා සංකල්පයේ සිට අවසාන නිමැවුම පාරිභෝගිකයා වෙත ලබා දීම තෙක් වන කළමණාකරණ ක්‍රියාවලිය වශයෙනී. එනම් එය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය කුමක් දැයි හදුනා ගනිමින් එකී අවශ්‍යතා පාරිභෝගික සංතෘප්තිය ඇති වන ලෙස සහ පාරිභෝගිකයාටත් අලෙවිකරුවාටත් යන දෙදෙනාට ම ප්‍රතිලාබ අත්පත් වන සංකල්පීය මෙහෙයුමකී. එමෙන්ම  Pilip  Kottler දක්වන්නේ අලෙවිකරණය යනු තනි පුද්ගලයාගේ සිට කණ්ඩායම් දක්වා වන සමාජීය අවශ්‍යතා හදුනාගතිමින් නිර්මාණශීලීව නිර්මාණය කරමින් සහ හුවමාරු කරගනිමින් ද සෙසු අය සමග වටිනාකම් ගොඩ නගන ක්‍රියාලියකී. කොට්ලර් සහ ආම්ස්ට්‍රෝං විසින් ඉදිරිපත් කළ නිර්වචය තුළින් දක්වන්නේ අලෙවිකරණය යනු පුද්ගලයින්හෝ සංවිධාන වටිනාකම් නිර්මාණය කිරීම සහ හුවමාරු කර ගැනීම තුළින් තමාට අවශ්‍ය දේ ලබා ගැනීමේ සමාජ ක්‍රියාවලියක් බවයි. අලෙවිකරණයට අයත් වන කටයුතු පහත දැක්වේ.


01   මිනිස්     අවශ්‍යතා සහ වුවමනා වඩාත් හොදින් තෘප්තිමත් කළ හැකි වන භාණ්ඩයක්  හෝ සේවාවක්      නිර්මාණය   කිරීම.
02  නිර්මාණය කළ භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයන් වෙත ආකර්ශනීය අයුරින් හදුන්වා දීම.
03  සාධාරණ මිලක් ලකුණු කිරීම.
04  වඩාත් සරල හා යෝග්‍ය පරිදි භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා අතට පත් කිරීම.
05  භාණ්ඩය හෝ සේවාව පිළිබදව පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම හා අලෙවියෙන් පසු අවශ්‍ය සේවා  සැපයීම.
                                          යනාදී වශයෙනී.

අලෙවිකරණයේ දී වෙළදපළ ඉතා වැදගත් සාධකයකී. ගැනුම්කරු හා විකිණුම්කරු හමුවන හෝ සම්බන්ධ වන ඕනෑම ආකාරයක් නෙළෙදපොළක් ලෙස හදුන්වයි. වෙළදපළ භෞතික ස්ථානයක් වශයෙන් මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන වෙළද අවකාශයක් ලෙස ද පැවතිය හැකිය. විවිධ වුවමනා සහිත ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙළදපලෙහි සිටින බැවින් එක් අලෙවිකරුවෙකුට සමස්ත වෙළදපළෙහි සිටින සියලුම ගනුදෙුකරුවන් මෙන්ම පවත්නා සියලුම වුවමනාවන්  ද තෘප්තිමත් කළ නොහැකිය. එම නිසා ව්‍යාපාරයක් සමස්ත වෙළදපොළෙහි සිටින  පාරිභෝගිකයන් අතරින් තමාට හොදින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස තොරා ගත යුතුය. 

Related image



අලෙවිකරණ මිශ්‍රය යනු ඉලක්ක වෙළදපොල තුළ ව්‍යාපාරයේ අලෙවිකරණ පරමාර්ථ ඉටු කර ගැනීම සදහා උපයෝගී කරගන්නා විචග්‍යන් සමූහයකී. එම විචල්‍යන් අයිතිකරුවන්ට පාලනය කළ හැකි වේ. අලෙවිකරණ මිශ්‍රය විචල්‍යන් 04කින් සමන්විත වන අතර එය 4P 'S   ලෙස ප්‍රකට ය.
01   නිෂ්පාදිතය
02   මිල
03    ස්ථානය
04    ප්‍රවර්ධනය
                             වශයෙනී.   

මෙම සිව් විචල්‍යන් අතරින් ප්‍රවර්ධනයට  වන්නේ සුවිශේෂි වැදගත්කමකී. මෙය අලෙවි සන්නිවේදනය යනුවෙන් ද හැදින්වේ. මේ යටතට දැන්වීම්කරණය  ඇසුරුම්කරණය සන්නාමකරණය ප්‍රවර්ධනය  මහජන සම්බන්ධතාව ප්‍රවර්ධනාත්මක විකිණුම අන්තර්ජාල අලෙවිකරණය ආදී ක්‍රමවේද ඔස්සේ භාණ්ඩ හෝ සේවා සහ පාරිභෝගිකයා අතර පාලමක් ගොඩනගනු ලබයි. අලෙවි සන්නිවේනකරුවන් විසින් මෙකී කාර්ය කළමණාකරනය කරනු ලබයි. සෑම විටම ලෝකයේ අලෙවිකරුවන් ලාභදායීව අලෙවි වේ.


No comments:

කොරියානු සිනමාවේ නරක හාදයා   කිම් කි ඩුක්  දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන කිම් කි ඩුක් විරල ගණයේ සිනමාකරුවෙකී. කලාව  හෝ ස...